2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් වු කාන්තාවට සම අයිතින් ලබා දීමේ පොරොන්දුව ඉටුකිරීම සහතික කිරිම සදහා ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවන ලෙස ඉල්ලමින් මෙසේ ඔවුන් මාර්තු 9 වන දා ඒකරාශි විය.
දියවන්නා ඔයේ සිට පාර්ල්මේන්තුව පිටිය දක්වා වු මෙම පාගමන මවුවරුන් සහ දියණියන් ගේ සංගමය විසින් සංවිධානය කරන ලද අතර එය අවසානයේ කාන්තා දේශපාලන නියෝජනය ඉහළ නැංවිම සඳහා සාමුහිකව ගතයුතු ක්‍රි යාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ද පවත්වන ලදි.