A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

<

p style=”text-align: left;”>

පෙත්සම

කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී.

2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සකස් කරන ලද අතර මෙය මහජනයාගේ සාකාච්ඡුාවට හා සංවාදයට භාජනය කරන ලදී. නමුත් 2004 දී පාර්ලිමේන්තුව විසිරුවා යැවීමත් සමඟ එහි ඉදිරි කටයුතු අඩපන විය.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 52% ක් කාන්තාවන් වන අතර මිලියන 15ක් වු ඡුන්දදායකයන්ගෙන් බහුතරය කාන්තාවන් බවද අපි අවධාරණය කරමු. වර්තමාන රජයේ දින 100යේ වැඩ සටහන යටතේ කාන්තාවන් වෙනුවෙන් දී ඇති පොරොන්දු ඉටු කිරිමටත්, කාන්තා අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරිම, ආරක්ෂා කිරිම හා ඉෂ්ට කිරිම මෙන්ම ස්ත‍්‍රී -පුරුෂ සමානාත්මතාවය තහවුරු කරමින් සැබෑ වෙනසක් සඳහා ස්වාධීන කාන්තා කොමිසමක් පත් කිරිම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු.

බහුතරඡුන්ද දායකයන් වශයෙන් අපගේ ඉල්ලීම වන්නේ ස්වාධීන වුත්, සම්පත් වලින් අනුන වුත් තාක්ෂණික ඥානයෙන් හා විශේෂඥ දැැනුමෙන් පරිපූර්ණ වු අයගෙන් සමන්විත කාන්තා කොමිසමක් නොපමාව පිහිටුවන ලෙසයි.

English Petition                                    Tamil Petition