Category: Events

Forum Theatre

2008 මාර්තු මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා වේදිකා ගත කිරීමට නියමිත වේදිකා මණ්ඩපයේ ඊළඟ නිෂ්පාදනයට මූල්‍ය ආධාර ලබාගැනීම සඳහා වේදිකා නාට්‍ය කණ්ඩායම කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණ. රඟ දැක්වීමට තෝරාගත් මාතෘකා අතර විවාහය තුළ සිදුවන ¥ෂණය හා වාර්ගික ගැටුම ඇතුළත් විය. වේදිකා මණ්ඩපයේ අරමුණ වන්නේ විවිධ මත වාදයන් ඇති අය අතර … Continue reading Forum Theatre

International Women’s Day 2008

‘ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීමට එක්සත් වූ ස්ත‍්‍රී සංවිධාන’ නමින් එකතු වූ ස්ත‍්‍රී සංවිධාන ජාලයක් ඒ වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක්, විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් 2008 මාර්තු 8 වැනිදා පැවැත්වූහ. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයේ දී වර්තමාන දේශපාලන තත්වය, යුද්ධය හා ස්ත‍්‍රීන් කෙරේ එහි ඇති බලපෑම, ආර්ථික අර්බුදය හා ඉහළ යන ජීවන වියදම, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඉහළ යෑම සහ … Continue reading International Women’s Day 2008

International Peace Day 2007

2007 සැප්තැම්බර් 21 දින ජාතන්තර සාම දිනය සැමරීම සඳහා  ස්ත‍්‍රීන් විසින් නිර්මාණය කරන ලද වීදි බැනර් ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රී සංවිධාන මගින් සකස් කළ මෙ බැනර්වල තේමාව වූයේ සාමයයි. මෙය සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.

WMC Film Festival 2007

ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීම සඳහා 2007 මාර්තු 26, 27, හා 28 යන දිනවල කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ස්ත‍්‍රී චිත‍්‍රපට උළෙල පවත්වන ලදී. තිරගත කරන ලද්දේ දීපා මේතා අධ්‍යක්‍ෂණය කරන ලද ‘අ’ර්ත්’, නයිගල් කෝල් අධ්‍යක්ෂණය කළ ‘කැලැන්ඩර් ගර්ල්ස්’,  සහ මාගරිත් වොන්ට්‍රොටා අධ්‍යක්‍ෂණය කරන ලද ‘රොසැන්ට‍්‍රාස්’ චිත‍්‍රපටයි. චිත‍්‍රපට තිරගත කිරීමෙන් පසුවම මහාචාර්ය නෙලූෆර් ද මෙල් සහ … Continue reading WMC Film Festival 2007

International Women’s Day 2007

මාර්තු 8. 2007, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන් සංවිධානයේ ජාලයට අයත් ස්ත‍්‍රී සංවිධාන 40 කට වැඩි සංඛ්‍යාවක, ස්ත‍්‍රීන් 1,000 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණ. ඊට මොණරාගල, පොළොන්නරුව, මහනුවර, හැටන්, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, මහියංගණය, විල්පොත, රාජාංගනය, වැලිකන්ද, සිංහපුර, හම්බන්තොට, ගාල්ල, බුත්තල, බදුල්ල, මාතර, රත්නපුර, මීගමුව, කළුතර, කොළඹ, මොරටුව, ජා-ඇල, … Continue reading International Women’s Day 2007

Annual Women’s National Convention 2006

2007 ජනවාරි 9-11, වාද්දුව, ශ‍්‍රී ලංකාව. ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා වන 2006 වාර්ෂික ජාතික සමුළුව 2007 ජනවාරි මාසයේ දී පවත්වන ලදී. මහනුවර, නුවර එළිය, මොණරාගල, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවලින් ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් තිස් එකක් මෙම සමුළුවට සහභාගි වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් සඳහා තම ප‍්‍රථම වාර්ෂික සමුළුව පවත්වන ලද්දේ 1984 දීය. … Continue reading Annual Women’s National Convention 2006

Consultation on proposing a General Recommendation on ‘Women and Armed Conflict’ to the CEDAW Committee

2006 දෙසැම්බර් 7. කළුතර. ශ‍්‍රී ලංකාව. කාන්තාවහා මාධ්‍ය සාමූහිකය අන්තර් ජාතික ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විමසුම-ආසියා පැසිපික් කලාපය (IWRAW-AP) සමඟ එක්ව සීඩෝ කමිටුවට ‘ස්ත‍්‍රීන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ පොදු නිර්දේශ ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡුා කිරීමට උපදේශන රැුස්වීමක් පවත් වන ලදී. සීඩෝ කමිටුවේ සාමාජික සහ ෂඋඍ්උ- ්ඡු හිටපු විධායක අධ්‍යක්ෂ ශාන්ති ධෛයිරියම් මෙම රැුස්වීමේ මුලසුන දැරීය. මෙම … Continue reading Consultation on proposing a General Recommendation on ‘Women and Armed Conflict’ to the CEDAW Committee

International Day for the Elimination of Violence Against Women 2006

ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා 2006 නොවැම්බර් 28 වැනිදා කොළඹ දී කෙටි නාට්‍ය උළෙලක් හා සංගීත සංදර්ශනයක් පවත්වන ලදී. මෙම උත්සවයේ තේමාව වූයේ ‘ප‍්‍රචණ්ඩත්වයෙන් තොර හෙටක්’ යන්නයි. මෙම උත්සවයට ඇතුළුවීමට ගාස්තුවක් අය නොකළ අතර ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය නතර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවස්ථාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට … Continue reading International Day for the Elimination of Violence Against Women 2006