ප්‍රකාශය: පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා වන 25% කෝටාව ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා කාන්තා හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

පළාත් පාලන ආයතනවල අඩු වීම නොතකා පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා වන 25% කෝටාව ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා කාන්තා හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

2022 ඔක්තෝබර් 10

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

කාබන් පිටපත:
ගරු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා
පළාත් සභා සහ පළාත් පාලන ගරු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා

පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා වන 25% කෝටාව ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම

අප ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කර ඇති විවිධ දිස්ත්‍රික්කවල කාන්තා සංවිධාන පහකි. කාන්තා දේශපාලන නියෝජනය වැඩි කිරීම සඳහා අප වසර 20කට වැඩි කාලයක් පෙනී සිටි අතර 2017 දී බලාත්මක කර 2018 දී ක්‍රියාත්මක කරන ලද පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා අනිවාර්ය 25% කෝටාව සතුටින් පිළිගත්තෙමු.

මෙම කෝටාව හරහා ආසන්න වශයෙන් කාන්තාවන් 2000 ක් පමණ දේශපාලන නිලතලවලට ඇතුළු වූ අතර බොහෝ දෙනෙක් සැලකිය යුතු ජයග්‍රහණ සහ පර්යේෂණ මගින් තහවුරු කරන ලද පළාත් පාලන ආයතනවල ආදර්ශවත් සේවයක නිරතව සිටිති. (පර්යේෂණ අධ්‍යයනයවීඩියෝචිත්‍රපටය)

2022 ඔක්තෝම්බර් මස 09 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන (ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා) සභිකයින් සංඛ්‍යාව දළ වශයෙන් 8000 සිට 4000 දක්වා අඩු කරන ලෙස ඉල්ලා ඇති බවට මෑත කාලීන මාධ්‍ය වාර්තාවක් අප මෙහි සඳහන් කරන්නෙමු. සාභිකයින් සංඛ්‍යාව අඩු කිරීමෙහි ධනාත්මක මෙන්ම සෘණාත්මක ගම්‍යයන් ඇති අතර, මෙම පියවර කාන්තා කෝටාව ක්‍රියාත්මක කිරීම සඳහා සෘජු ප්‍රතිවිපාක ඇති කරනු ඇති බව අප ඉස්මතු කිරීමට කැමැත්තෙමු.

අප දන්නා පරිදි දේශපාලනයේ කාන්තා නියෝජනයේ අවශ්‍යතාවය අදට වඩා පෙර කිසිම කලෙක යෝග්‍ය නොවීය. ශ්‍රී ලංකාව තවමත් දේශපාලනයේ කාන්තා නියෝජනය අඩුම රටක් වන අතර එය පළාත් පාලන ආයතන නියෝජනය සඳහා පිළියම් යෙදූ නමුත් පළාත් පාලනය හෝ පාර්ලිමේන්තුව නියෝජනය සඳහා නොවේ. 2017 දී අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ සංශෝධන සිදු කරමින් කාන්තාවන් සඳහා වූ 25% ක කෝටාවක් හඳුන්වා දෙන ලද අතර, 2011 වසරේ දී 100ක් පමණ වූ කාන්තා නියෝජනය 2018 මැතිවරණයේදී 2000ක් පමණ දක්වා වැඩි කෙරිණි.

මෙම ධනාත්මක ජයග්‍රහණය, සනාථ කරන නීති සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් යන දෙඅංශය තුළින්ම තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අප තරයේ ඉල්ලා සිටිමු. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ සහ ඊට අදාළ අනෙකුත් නීති වල සිදු කරනු ලබන යම් වෙනස්කම් කාන්තාවන් සඳහා වූ කෝටාව ආරක්ෂා කරන සහ වැඩි කරන ආකාරයකින් සිදු කරනු ලබන ලෙසට අප නැවත අවධාරණය කරන අතර එමඟින් මෙම දුෂ්කර ජයග්‍රහණවල අඩුවීමක් හෝ නැතිවීමක් සිදු නොවේ.

එබැවින්, අප, දේශපාලනයේ සිටින කාන්තාවන් සමඟ සමීපව කටයුතු කරන සහ අන්තර්ග්‍රාහී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින කාන්තා සංවිධාන වශයෙන්, යෝජිත පරිදි සභික සංඛ්‍යාව අඩු කළහොත්, පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා වූ 25% කෝටාව ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩි කරන ලෙස ජනාධිපති, අගමැති සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි,

විශ්වාසී,

කුමුදුනී සැමුවෙල්, වැඩසටහන් අධ්‍යක්ෂ, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, කොළඹ

සුමිකා පෙරේරා, අධ්‍යක්ෂ, ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානය, කුරුණෑගල

චන්ද්‍රා වෙදගෙදර, සභාපති, කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය ,බදුල්ල

එච්. ඉන්තුමතී, වැඩසටහන් ප්‍රධානී, විළුදු

පී. ලෝගේශ්වරී, වැඩසටහන් සම්බන්ධීකාරක, කාන්තා සහයෝගීතා පෙරමුණ, මහනුවර

ශ්‍රියානි පතිරගේ, සභාපති, ගැමි කාන්තා පෙරමුණ, ගාල්ල

මෙතැනින් බාගන්න